දුක්ඛ, සමුදය, නිරෝධ , මාර්ග
යන සත්‍ය හතරයි. එම සත්‍ය හතරින් නිවන දැකිය හැකි බව ප්‍රකාශ කොට ඇත. එහි සඳහන් වන්නේ “ඉධං ඛො පන භීක්ඛ වෙ දුක්ඛ නිරෝධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො “ (මහණෙනි , දුක්ඛ ආර්ය සත්‍ය නම් මෙයයි. තෘෂ්ණාව ඉතිරි නැතිව ඉවත් කිරීම නැති කිරීම, අත් හැරීම මුළුමනින් ඉවත දැමීම, ඉන් මිදීම හා එහි නොඇලීමයි )
බුදු දහමට අනුව නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. “ තණ්හක්ඛයො නිබ්බානං “ සත්වයා සසරට ඇදගෙන යන බන්ධනය වන්නේ තෘෂ්ණාවයි. සම්පූර්ණයෙන් නැති කරන තාක් රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ තුළින් දුක් ඇතිවේ. දුකට හේතුව වන මේ තෘෂ්ණාව නැති කිරීම පිළිබඳ සංකල්පය බුද්ධ දේශනාවට අනුව සිහාවලෝකන න්‍යාය අනුව ද විස්තර කළ හැකිය.
සිංහයෙකුට ගලකින් ගැසුවහොත් ඒ ගල ගැසුවේ කවරෙකු විසින්දැයි සෝදිසි කොට බලා ගැසූ තැනැත්තා වනසා දැමීම සිංහයාගේ ස්වභාවයයි. ගල ගැසූ තැනැත්තා වනසා දැමූ විට සිංහයාට ගල් නොගසන බව සිංහයාගේ විශ්වාසයයි. දුක් නැති කිරීමේදීද එම න්‍යාය අනුගමනය කළ යුතු ය.
යථාපි මූලේ අනුපද්දෙව දළ්හෙ
ජින්නොපි රුකෙඛා පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බන්ති දුක්ඛං මිදං පුනප්පුනං
ජින්නොපි රුකෙඛා පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බන්ති දුක්ඛං මිදං පුනප්පුනං
ගසක මුල ශක්තිමත්ව තිබියදී එම ගස කපා දැමුවාට පලක් නැත. එය නැවතත් ලියලනු ඇත. එසේම තෘෂ්ණාව නොනැසූ කල පංචස්කන්ධ දුක නැවත නැවතත් ඇති වන බව ඉහත ගාථාවෙන් පැහැදිලි වේ.
No comments:
Post a Comment